(දයාරත්න ඇඹෝගම)
පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තිරප්පනේ ප්‍රාදේශිය සභාවට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයකු කසිප්පු පෙරමින් සිටියදි තිරප්පනේ පොලසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිරප්පනේ,උට්ටිමඩුව පදිංචි 28 හැවිරිදි අයෙකි.
මෙම පුද්ගලයා කසිප්පු පෙරෙන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් එම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදි ඔහු එම ප්‍රදේශයේ ලදුකැලැ භුමියක කසිප්පු පෙරමින් සිටියදි අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සන්තකයේ තිබු කසිප්පු මිලි ලිටර් 3750 ක් සහ ගෝඩා මිලි ලිටර් 1,80,000ක්ද පොලිසිය සිය බාරයට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

